ඉන්දියාව සාර්ථක මෙහෙයුමක් අවසන් කරයි.

0
513

උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටි සේවකයින් 41දෙනාවම මේ වනවිට බේරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ, උමං මාර්ගය තුළ දින 17 ක් තිස්සේ සිරවී සිටි කම්කරුවන් 41 බේරා ගැනීම අවසාන වී තිබේ.

කම්කරුවන් බේරා ගැනීම සිදුවන්නේ ඔවුන් සිරවී සිටින තැනට සිරස් අතර මීටර් 60 ක් දිග සිදුරක්  විදීමෙනි.

එම සිදුරට අඩි දෙකක් පළල නලයක් ඇතුළු කර ඇති අතර. සිරවුණු 41 දෙනා, එම නළය හරහා පිටතට ගැනීම සිදුවෙමින් පවතී.

දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවන්නේ ඉන්දීය ජාතික ආපදා කලමණාකරණ අධිකාරිය යටතේය.

බේරා ගන්නා පිරිස සදහා ගිලන්රථ පමණක් නොව හෙලිකොප්ටර් යානා ද සූදානම් කර තිබේ.