Saturday, September 21, 2024

අසීරුවට පත් වූ හැම විටම ඩලස් පක්ෂය හැර ගියා

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා මාතර දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීම පුදුමයට කරුණක් නොවන බවත් මීට පෙරත් පක්ෂය අසීරු අවස්ථාවකට මුහුණ දුන් විටදි ඔහු පක්ෂය අතහැර ගිය බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති චන්දිම විරක්කොඩි මහතා පවසීය. ඒ මහතා

මේ බව සඳහන් කෙළේ ඊයේ (19) එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. සමහර අය ඉල්ලා අස්වීම දෙනවා කියලා පසුව නොදී ඉන්න අවස්ථා තියෙනවා.ශ්‍රී.ල.නි.පය බොහොම ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයක්.ඩලස් අලහප්පේරුම මහතා මෙය කෙළේ පළවැනි වතාවට නොවේ.කලින් අවස්ථාවකදිත් අපේ පක්ෂය මේ වගේ අර්බුදයක ඉන්න විට එතුමා පක්ෂයෙන් ඉවත් වුණා.මේ රට ජීවත් වීමට සුදුසු රටක් නොවේ කියලා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක දැන්විමක ඉඳලා අමෙරිකා එක්සත් ජනපදයට ගියා.එතුමට නැවත ඒ වගේ ආරාධනාවක් ඇවිල්ල ද කියලා දන්නේ නැහැ.

හිටපු සංවිධායකවරුන්ව ඉවත් කරලා නව සංවිධායකවරු පත් කෙළේ හිටපු අයගෙන් පළිගන්න නෙවෛ්.පක්ෂයේ සංවත්සරය පවත්වන විට සංවිධායකවරුන්ට විශාල වගකිමක් පැවරෙනවා.හිටපු සංවිධායකවරුන්ට ඒ වගකීම් ඉටු කරන්න අපහසු බවක් පෙන්නු නිසායි අලුත් සංවිධායකවරුන් පත් කෙළේ.

පක්ෂය වෙනුවෙන් යම් යම් අවස්ථාවල විවිධ තීන්දු තීරණ ගන්න වෙනවා.නමුත් අපි කලබල වෙලා තීන්දු තීරණ ගන්නේ නැහැ.පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිම වේලාවක තනි තීන්දු අරගෙන නැහැ.පක්ෂයේ සියලු සාමාජිකයන් සමඟ කතා කරලා පක්ෂය ශක්තිමත් කරන්න අවශ්‍ය තීන්දු විතරයි ඔහු අරගෙන තියෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles