Saturday, November 16, 2024

පොළොන්නරුවට නව දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණයක්

ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීමෙන් රුපියල් ලක්ෂ 15,000 ක වියදමකින් යුතුව ඉදිකරන පොළොන්නරුව දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය සඳහා  මංගල ශිලාස්ථම්භය ප්‍රතිශ්ඨාපනය කිරීම  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සහ ප්‍රදේශයේ අනිකුත් මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් මේ මස 25 වන බ්‍රහස්පතින්දා දින පෙ.ව. 8.30 ට යෙදෙන සුභ මොහොතින්පොළොන්නරුව දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණ පරිශ්‍රයේදී සිදු කෙරේ.

 

පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා විශාල අඩුපාඩුවක්ව පැවතුණු මෙම ගොඩනැගිල්ල, වඩාත් පහසුකම් සහිතව රජයේ සියලු කාර්යාල ඒකාබද්ධව මහජන සේවයට සරිලන පරිපාලන සංකීර්ණයක් බවට පත් කිරීම වත්මන් රජයේ අභිලාශයයි. ඒ තුළින් වඩා කාර්යක්ෂම,ගුණාත්මක හා විශ්වාසනීය මහජන සේවයක් ඇති කිරීම මෙම නව පොළොන්නරුව දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණය ඉදිකිරිමේ අරමුණයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles