තරුණියක් රෝහලේදී අතවරයට ලක්වීම ගැන විශේෂ පරීක්ෂණයක්

0
306

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පැමිණි තරුණියක් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදි අතවරයකට ලක් කිරීම පිිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්නන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇත.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි අදාළ නියෝගය නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලය තුළදී වෛද්‍යවරයෙකු විසින් මෙම තරුණිය අතවරයට ලක් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණ.
එ් අනුව අදාළ සිද්ධියේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ නිවැරදි විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here