සැප්තැම්බර් 07දා දක්වා ඉර ලංකාවට ඉහලින්

0
326

ඉදිරි දින කිහිපයේදි ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යයා ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරන හෙයින් හෙට සිට  සැප්තැම්බර් 07දා දක්වා ශ්‍රී ලංකාව අසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතියි.

හෙට දහවල් 12.12ට පුල්ලවේලි, වේඩුකාඩු සහ උරවෙනිකන්පත්තුව යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතියි.

මේ අතර දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශ වල තරමක් තද සුළං (පැ.කි.මී.50-60පමණ) තවදුරටත් බලාපොරොත්තු වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් යාපනය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

දිවයිනේ අනෙකුත් පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි  හෝගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here