මහජන බැංකුවේ – කෝටි 70ක ගනුදෙනුවේ ලිඛිත සාක්කි අගමැතිට

0
360

මහජන බැංකුව ඩිජිටල්කරණය සඳහා දෘඩාංග (Hardware) ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු රුපියල් කෝටි 70ක (ඇ.ඩො. මිලියන 4.5) ට අධික ගනුදෙනුවට අදාළව සියලු ලිඛිත සාක්කි අග්‍රාමාත්‍ය කාර්යාලයට ඊයේ (29) භාර දෙනු ලැබිණි. එම ගනුදෙනුවේ මහා පරිමාණ දූෂණයක් සිදු වන බවට මහජන බැංකුවේ අධ්‍යක්ෂවරු දෙදෙනෙකු විසින් කරුණු දක්වා තිබේ. එම ගනුදෙනුව පිටුපස රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් දරන පුද්ගලයකු සිටන බව එම අධ්‍යක්ෂවරු විසින් අගමැතිවරයාට ඉදිරිපත් කළ දැනුවත් කිරීමේ පත්‍රිකාවක සඳහන් කර තිබේ.

රුපියල් කෝටි 70කට අධික මුදලක් වැය කෙරෙන ඉහත ටෙන්ඩරයට අදාළ සියලු ලිඛිත වාර්තා අගමැති කාර්යාලයට භාර දෙනු ලැබුවේ මහජන බැංකුවේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු විසින් වීම විශේෂත්වයකි. මහජන බැංකුව ඩිජිටල්කරණයට අදාළ දෘඩාංග මිලදී ගැනිමට එක්තර සමාගමක් ඉදිරිපත් කළ ටෙන්ඩරයේ මුළු වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 4 දශම 5 ක් සහ 5 දශම 5 ක් අතර දක්වා විචල්‍ය කිරිමේ අරමුණ ඇතිව ගණුදෙනුවට අදාළ ලිපි ලේඛන ඉකුත් සතියේ පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරිණ.

එම ගනුදෙනුව සඳහා ටෙන්ඩර් කැඳවීම දින 5ක් වැනි කෙටි කාලයක් තුළදී කර තිබීමත් එහි මහා පරිමාණ දූෂණයක් වන බවටත් අධ්‍යක්ෂවරු දෙදෙනෙකු විසින් කරුණු දැක්වීමත් සමඟ ඉකුත් සතියේ පැවැති මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩල රැස්විම තීරණයකින් තොරව අවසන් කෙරුණි.

ඉහත ගනුදෙනුවට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමත කර ගැනීමට තවත් රැස්වීමක් මේ සතියේ බදාදා යළි කැඳවා තිබේ. ඉහත ගනුදෙනුවෙන් මහජන බැංකුවට සිදු වන අතිවිශාල පාඩුව සැලකිල්ලට ගෙන එය අත් හිටුවීමට අවශ්‍ය නියෝග නිකුත් කරවීමට සියලු තොරතුරු අග්‍රාමාත්‍ය කාර්යාලයට භාර දුන් බව අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රකාශ‍කයෙක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here