VISA කොළඹ කාර්යාලය විවෘත කෙරේ

0
308

ගෙවීම් තාක්ෂණයේ පුරෝගාමියෙකු වන VISA සිය කොළඹ කාර්යාලය පසුගිය දා විවෘත කළ අතර එහිදී ශ්‍රී ලංකා කළමනාකරු ලෙසින් Anthony Watson පත්කරනු ලැබීය.

ශ්‍රී ලංකාව තුළ VISA සිය ව්‍යාපාර කටයුතු සිදුකරනුයේ 1989 වසරේ සිටය.

මෙම අවස්ථාවට එක්වෙමින් VISA ආසියා ශාන්තිකර කලාපීය සමූහ විධායක Chris Clark කියා සිටියේ මූල්‍ය සමාගම්, වෙළෙඳ ආයතන, රජයයන්, මූලාරම්භයන හා එක්ව ගෙවීම් ක්ෂේත්‍රයේ සිදුවන පෙරළි සඳහා මුහුණ දීමට සූදානමින් සිටින බවයි.

මේ අතර මෙහිදී අදහස් දැක්වූ VISA ඉන්දියා සහ දකුණු ආසියානු කලාපීය සමූහ නේවාසික කළමනාකරු ටී.ආර්. රාමචන්ද්‍රන් පැවසුවේ දකුණු ආසියානු කලාපය තුළ VISA සඳහා ශ්‍රී ලංකාව ප්‍රමුඛ වෙළෙඳපොළක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here