Friday, November 15, 2024

අතුරුදන්වූවන්ගේ මව්පියන්ගෙන් – ඥාතීන්ගෙන් විරෝධතා

යුධ සමයේ දී අතුරුදන් වූ පුද්ගලයින්ගේ මව්පියන් සහ ඥාතීන් පිරිසක් අද උතුරේ ස්ථාන කිහිපයකදී විරෝධතා ව්‍යාපාර පවත්වා තිබේ.

වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිළිනොච්චිය යන ප්‍රදේශවල මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

උද්ඝෝෂණවල නිරත පිරිස් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පා ගමනින් ගොස් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට භාරදීම සඳහා ලිපි කිහිපයක් ද දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත භාර දී ඇත.

උද්ඝෝෂකයින් ඉල්ලා සිටින්නේ යුධ සමයේ දී අතුරුදන් වු සිය ඥාතීන් සොයාදීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර අතුරුදන්වූවන්ගේ ඥාති සංගමය විසින් කොළඹ දී සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

අද පස්වරුවේ මෙම සමුළුව පැවැත්වීමට නියමිත බව අතුරුදන්වූවන්ගේ ඥාතී සංගමයේ ලේකම් සුන්දරම් මහේන්ද්‍රන් මහතා සඳහන් කළේය.

මෙහිදී පසුගියදා සම්මත වු අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවක් ද සම්මත කරගැනීමට කටයුතු කරන බව ඔහු පැවසුවේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles