පෙට්‍රල්, ඩීසල් මිල ඉහළට?

0
343

ආණ්ඩුව විසින් සිදු කර ඇති නිශ්පාදන බදු වැඩි කිරීම නිසා ඉදිරියේදී ඩීසල්වල මෙන්ම පෙට‍්‍රල්වලද මිල වැඩි කිරීමට සිදුවනු ඇතැයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) පවසයි.

පෙට‍්‍රල් සඳහා බදු වැඩි කර නැතත් ඩීසල් සඳහා කෙරුණු බදු වැඩි කිරීම පෙට්‍රල් කෙරෙහිද බලපාන බව ඔවුන් සඳහන් කරයි.

ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම බද්ද සිය ව්‍යාපාර කෙරෙහි ප‍්‍රබල බලපෑමක් ඇති කරන බව ය.

මෙම කරුණු පිළිබඳ තමන් දැනටමත් විෂය භාර අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here