රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනකු ත්‍රිවිලර් රථයක හැපිමෙන් බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇත.
මින් එක සිසුවකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අද දින දහවල් 01.30 ට පමණ මාතර වෙරළ පාරේ මාර්ග සංවර්ධන අධිකාරිය අසල නේවාසිකාගාරය ඉදිරිපිටදි සිදුවු මෙම අනතුරින් මාතර මහ රෝහලට ඇතුලත්කර ඇත්තේ විද්‍යා පිඨයේ පලමු වසර ඉගෙනුම ලබන කුරුණැගල පදිංචි කරුවකු වන මොහොමඩ් යසිර් මොහොමඩ් අසිර් නැමති 21 හැවිරිදි සිසුවෙකු සහ යාපනේ චුන්නාගම්ෙ ප්‍රදේශයේ පදිංචි චන්ද්රෙබාස් දර්ශන නැමති 22 හැවිරිදි සිසුවෙකි.
මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබු කුරුණැගල පදිංචි සිසුවාගේ උදරය ප්‍රදේශයේ සැත්කමකට භාජනය කර ඇත.
මෙම සිසුන් දෙදෙනා කෑම ගෙන ඒමට කඩයට යාම සඳහා පාර අයිනට වි සිටින විට මාතර දෙසින් අධික වේගයෙන් පැමිණි ත්‍රිවිලර් රථයක් ඔවුන් දෙදෙනා හප්පා පලාගොස් ඇත.
සිද්ධියට අදාල ත්‍රිවිලර් රථයත් රියදුරත් මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනඇත.