උතුරේ බුදු මැදුරක් වනසලා

0
364

වව්නියාව කනගරායන්කුලම ප‍්‍රදේශයේ කුරුසිට්ටිකුලම කෝවිල් භුමි සීමාවේ පිහිටි බුදු මැදුරකට පිරිසක් පහරදී එහි තිබූ දෑ කඩා බිඳ දමා තිබේ.

පහරදුන් පිරිස බුදු මැදුරේ තිබූ බුදු පිළිමයටද හානි කර තිබූ අතර ඉකුත් සමයේ විශේෂ කාර්ය බලකා කඳවුරක් පැවති ස්ථානයේ අදාළ බුදු මැදුර සකස් කර තිබුණි.

බුදු මැදුරට පහරදුන් පුද්ගලයින් සොයා කනගරායන්කුලම් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් උතුරු පළාතේ බෞද්ධ විහාර ඉදිකිරීම නවතා දැමිය යුතු බවට දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්තී‍්‍රවරුන් ඉකුත්දා දැඩි ලෙස පැවසීය.

කිලිනොච්චි ප‍්‍රදේශයේ බුදු මැදුරක් ඉදිකිරීමට විරෝධය පළ කරමින් ඉකුත් 16 වැනිදා උතුරු පළාත් සභාව විසින් යෝජනාවක්ද සම්මත කර ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here