03 හා 04 දා ගාල්ලේ ජනතාවට ගෙදර ඉන්නලු

0
306

සැප්. 03 හා 04 දෙදින නිවසේ රැදෙන ලෙස ගාල්ල දිස්ත්‍රික් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන් කර රටක් බවට ක්ෂුද්‍ර පරපෝෂිතතාව 1% ට වඩා අඩු අගයක් සටහන් කරමින් සහතික ලැබුවද ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය වසරේ බරවා රෝගීන් 46 ක් වාර්තා වීමත් ක්ෂුද්‍ර පරපෝෂිතතාවය 0.24% ක් වීමත් මත 03 හා 04 යන දෙදින තුළ සමූහ ප්‍රතිකාර වැඩසටහනක් ක්‍රියාත්මක වන බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන, අම්බන්ගොඩ, බෝපේ-පොද්දල, බළපිටිය, ගාල්ල මහ නගර සභා ප්‍ර‘දේශය, ගෝනාපීනුවල, හබරාදූව, හික්කඩුව, ඉමදූව, ඉඳුරුව සහ රත්ගම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ජනතාව මෙම දින දෙක තුළ නිවසේ රැඳී සිට කිනම් හෝ ආහාරයක් ගෙන ලබාදෙන ඖෂධ වර්ග 2 ක සෞඛ්‍ය නිලධාරීන් ඉදිරියේදී පානය කරන ලෙස ඉල්ලා සිටියි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here