Saturday, November 16, 2024

රන් 5.5kg නාවික හමුදා අත්අඩංගුවට

ධීවර බෝට්ටුවක් මගින් නීති විරෝධී අයුරින් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රත්‍රන් කිලෝග්‍රෑම් 5.5ක් සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඊයේ (30දා) රාත්‍රියේ නාවික හමුදා අත්අඩංගුවට පත්ව තිබේ. යාපනය,කන්කසන්තුරයට උතුරින් මුහුදු සැතපුම් 8 ක් පමණ දුරකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ධීවරයින් මුවාවෙන් ධීවර ආම්පන්න ද සහිතව ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කරමින් තිබූණ බව නාවික හමුදාව කියයි.

උතුරු නාවික විධානයට අයත් කන්කස්තුරේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පී 464 දරණ වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් විසින් මෙම රත්‍රන් තොගය එම ධීවර යාත්‍රාවේ තිබී සොයා ගත් බවද නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ වෙයි.

ජාත්‍යන්තර වෙළදපොළේ රන් කිලෝවකට ඩොලර් 42,998ක මිලක් නියම වී තිබෙන හෙයින් මෙම රන් තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් 34,858,970ක් පමණ වෙයි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles