Sunday, September 22, 2024

IS සිරියා නායක අල්-අද්නානි මරුට

සිරියාව තුළ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස සැලකෙන අබු මොහොමඩ් අල්-අද්නානි ඇලෙප්පෝ හිදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එම සංවිධානය පවසයි.

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ දීර්ඝ කාලයක් කටයුතු කළ අයෙකු ලෙස සැලකෙන අල්-අද්නානි එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ද කටයුතු කලේය.

ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇලෙප්පෝ නගරය යළි අත්පත් කරගැනීම සඳහා සිදුකෙරෙන මෙහෙයුම් වැළැක්වීමේ සැලසුම් සකස් කරමින් සිටිය දී බවයි විදෙස් වාර්තා පවසන්නේ.

කෙසේ වෙතත්, ඔහු ගුවන් ප්‍රහාරයකින් මිය ගියේද, එසේ නැත්නම් ගොඩබිම් ප්‍රහාරයකින් මිය ගියේද යන්න පැහැදිලි නොමැති බව ද සදහන්.

ඇලෙප්පෝ නගරය මේ වනවිට දැවැන්ත යුධ පිටියක් බවට පරිවර්තනය වී ඇති අතර, රජයේ හමුදා, ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මෙන්ම ප්‍රතිවිරුද්ධ සටන් කණ්ඩායම් ද මෙම ගැටුමේ ප්‍රධාන පාර්ශ්වකරුවන් බවට පත්ව සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles