ලෝක බැංකු දකුණු ආසියානු කලාප භාර උප සභාපති එයි

0
327

ණය ගැනීමේදී ලබාදුන් සංවර්ධන ඉලක්ක ශ්‍රී ලංකාව කඩිනමින් සපුරාලමින් සිටින බව ලෝක බැංකුව පවසයි. වත්මන් පාලනය යටතේ රට තුළ ඇති මූල්‍ය විනය ඊට හේතු වී ඇති බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපතිනී ඇනට් ඩික්සන් මහත්මිය පවසා තිබේ.

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සමග ඊයේ (30දා) පස්වරුවේදී මුදල් අමාත්‍යාංශයේ පැවති හමුවකදී ඩික්සන් මහත්මිය මෙසේ අදහස් දැක්වූ බව එම අමාත්‍යාංශය පවසයි.

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඩික්සන් මහත්මියගේ මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාව වෙත ලබාදුන් ණය, සංවර්ධන ක්‍රියාවලිය සඳහා යොදවාගෙන ඇති ආකාරය නිරීක්ෂණය කිරීම බවත් සඳහන් වෙයි.

මෙම අවස්ථාවට ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි රිඩ්ඩිහවු, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් එස්.ආර්.ආටිගල, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක යන මහත්ම මහත්මීහු සහභාගී වී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here