Sunday, September 22, 2024

ඇමති වජිර-සුබ උපන් දිනයක්

ස්වදේශ කටයුතු අමාත්‍ය, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ජන්ම දිනය 02 (අද) ට යෙදී තිබේ.

 

1982 දී සමවාදි ශිෂ්‍ය පෙරමුණේ උප ලේකම් ධූරය හොබවමින් දේශපාලනයට පිවිසුණු ඔහු එම පෙරමුණේ ප්‍රධාන ලේකම්,සභාපති සහ ශිෂ්‍ය සම්බන්ධීකරණ නිලධාරි තනතුරු හෙබවීය. ප්‍රථමවරට 1988 වර්ෂයේදී එ.ජා.ප. මන්ත්‍රීවරයෙකු ලෙස දකුණු පළාත් සභාව නියෝජනය කළ අතර 1993 වර්ෂයේදී දකුණුලක දෙවැනි ස්ථානයට වැඩිම මනාප ලබමින් එ.ජා.ප මන්ත්‍රීවරයෙකු ලෙස දෙවැනි වරටත් දකුණු පළාත් සභාව නියෝජනය කිරීමට වරම් ලබාගත්තේය. 1994 වර්ෂයේදී පාර්ලිමේන්තු මහා මැතිවරණයට ඉදිරිපත් වෙමින් දකුණු පළාතෙන් වැඩිම මනාප හිමි කර ගැනීමට සමත් විය.

 

අනතුරුව 1999 වර්ෂයේදී වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගාලු දිස්ත්‍රික් සංවිධානයේ සභාපති ධූරයට පත්කරනු ලැබීමෙන් ගාල්ල දිස්ත්‍රික් නායකත්වයට පැමිණියේය. 2001 වර්ෂයේදී ඔහු රාජ්‍ය පරිපාලන, කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ කැබිනට් අමාත්‍ය ධූරයට පත්වූයේ ගාලු දිස්ත්‍රික් එ.ජා.ප. කණ්ඩායම් නායකයා ලෙස දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලැබ මැතිසබය නියෝජනය කරමිනි.

 

2004 වර්ෂයේදී ද ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට මනාප ලබාගනිමින්‍ ය.2015 වර්ෂයේ සිට අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස කටයුතු කරන අතර එම වර්ෂයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් මනාප ඡන්ද 142,874 ලබාගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත් විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles