වල්ලපට්ට සමග චීන ජාතිකයා දැලේ

0
424

වල්ලපට්ට හා කොකුන් පොතු තොගයක් මෙරටින් රැගෙනයාමට තැත් කළ චීන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු හොංකොං බලා යාමට සූදානම්ව සිට ඇති අතර ඊයේ රාත්‍රී 12.30ට පමණ අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

සැකකරු සතුව තිබී වල්ලපට්ටා හා කොකුන් පොතු කිලෝ ග්රෑම් 65ක් සොයාගෙන ඇත.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන බව සඳහන්.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි චීන ජාතිකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here