Sunday, September 22, 2024

බාල ඖෂධ ගෙන්වා ජනාධිපති කොමිසමට…

මිනිස් බරිභෝජනයට අහිතකර බාල ගණයේ විෂබීජ නාශකයන් ගෙන්වා රජයට අලාභයක් සිදු කළැයි බරවා රෝග මර්දන අංශයේ අධ්‍යක්ෂිකා ඇතුළු ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයන් 06 දෙනෙකු බරපතල වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට කැදවීමට නියමිත බව වාර්තා වේ.

2014දී මෙම ඖෂධ ගෙන්වා ඇති අතර එම නිලධාරීන්ට ලබන 30 වැනිදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා නොතීසි නිකුත් කර ඇත.

මෙම විෂබීජ නාශකය රෝගීනට මෙන්ම සෞඛ්‍ය සේවකයන්ටද අහිතකර බව සොයා ගෙන ඇතැයි වාර්තා වේ.

බාල එන්නත් හා ඖෂධ භාවිතය නිසා එකල බොහෝ අවස්ථාවල රෝගීන් ජීවිත්ෂයට පත් වූ පුවත් වාර්තා විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles