අගෝස්තු මාසයේ උද්ධමනය පහලට

0
430

අගෝස්තු මාසය තුළ මෙරට උද්ධමනය සියයට 4.5 දක්වා අඩු වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එය ජූලි මාසයේදී වාර්තා වුණේ සියයට 5.8ක් ලෙසයි.

එළවළු, අමුමිරිස්, සීනි, පොල්, වියළි හාල් මැස්සන්, සහල්, පරිප්පු, රතු ලූණු, ලොකු ලූණු සහ අල යනාදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩුවීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

ජූලි මාසය හා සසඳන විට ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල සියයට 0.1ක වැඩිවීමක් වාර්තා වෙයි.

අගෝස්තු මාසය ජාතික පාරිභෝගික මිල දර්ශකය 113.3ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර එය පෙර මාසයට සාපේක්ෂව සියයට 1.6ක අඩුවීමක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here