Sunday, September 22, 2024

අගමැති‍ගේ යෝජනා දෙකම සම්මතයි

අල්ලස් දූෂණ විමර්ශන කොමිසන් සභාව ඇතුළු ස්වාධීන කොමිසන් සභා නවයක නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩිකිරීම සම්බන්ධයෙන් අගමැති රනිල්වික්‍රමසිංහ මහතා ගෙන ආ යෝජනා දෙක පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් ඊයේ (21) සම්මත විය.

ඡන්දය විමසන අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු කණ්ඩායමක් සභාගැබෙන් නැගිට ගිය අතර, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනකු පමණක් ඉතිරි විය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරල්වරිය ඇතුළු නිලධාරින්ගේ වැටුප් හා දීමනා වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාව ප්‍රථමයෙන් සම්මත කළ අතර, දෙවන යෝජනාව වූ සෙසු කොමිසන් සභාවල නිලධාරී වැටුප් සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවට සභා ගැබින් ඉල්ලීමක් ඉදිරිපත් වූයේ යැයි පවසමින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා සීනුව නාද කළේය.

මේ අවස්ථාවේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රීති ප්‍රශ්න යොමු කිරීමට උද්ගතවී ඇති තත්ත්වය අනුව අවකාශයක් නොමැති බවයි.

එහෙත් ‍බෙදීමක් ඉල්ලා ඇති බව සඳහන් කළ තිලංග සුමතිපාල මහතා සියලු මන්ත්‍රීවරුන්ට අසුන්වලට යන ලෙස දන්වා සීනුව නාද කළේය. මේ අවස්ථාවේ දී ඒකබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කළ අතර, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේ බෙදීමක් නොඉල්ලූ බවය. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු පිරිස සභාගැබෙන් ඉවත්ව ගියේ ඉන් පසුවය. පසුව ඡන්ද විමසීම සිදු කළ නියෝජ්‍ය කතානායකවරයා යෝජනාවන්ට පක්ෂව චන්ද 68ක්ද විපක්ෂව ඡන්ද නොමැති බව ද නිවේදනය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles