අලුත්ගමගේ යළි රිමාන්ඩ් – බැසිල්ගේ නඩුව කල් යයි

0
434

කොළඹ 07 කුරුඳුවත්තේ නිවසක් රුපියල් මිලියන 27ක් ගෙවා මිලට ගැනීම පිළිබඳව මුදල් විශුද්ධීකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ක්‍රීඩා අමාත්‍ය මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්මගේ මහතා නැවතත් එළැඹෙන 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

මේ අතර හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වානේ ඉඩමක් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගය නැවතත් එළැඹෙන 04 දා දක්වා කල් දැමීමට පූගොඩ දිසා විනිසුරු සංජීව සෝමරත්න මහතා කටයුතු කළේය. ඉඩමේ තීතිමය තත්ත්වය හා ආරක්ෂාව පිළිබඳව කරුණු දක්වන ලෙසද අධිකරණය විසින් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට දැන්වීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here