Saturday, September 21, 2024

සරසවි අනධ්‍යන සේවක විශ්‍රාම ගැනිමේ වයස ඉහළට

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 57 සිට 60 දක්වා වැඩිකිරීම සඳහා 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 75 වැනි වගන්තිය සංශෝධනය කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (22දා) පැවසීය.

ශ්‍රී ලංකාවේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සේවය කරන අනධ්‍යයන සේවකයන් 13,207 දෙනාටම නව තීරණය බලපාන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

මීට පෙර අනධ්‍යයන සේවකයෙකුගේ වයස අවුරුදු 57  සම්පූර්ණ වූ පසු විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් ඉල්ලීමක් කර සේවා දිගුවක් ලබාගත යුතු වුවද, නව සංශෝධනය අනුව රාජ්‍ය සේවකයන් සියලු දෙනාට වයස අවුරදු 60 දක්වා සේවය කිරීමට ඇති අවස්ථාව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ටද හිමිවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles