Sunday, September 22, 2024

බර්ටි ප්‍රේමලාල් ගුණ සමරුවට ආරාධනා

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තෙවසරක් ගත වීම නිමිත්තෙන් අභාවප්‍රාප්ත බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට පිං අනුමෝදන් කරමින් මේ මස 26 , 27, 28 හා 29 යන සිව් දින පිංකම් මාලාවක් සංවිධානය කර ඇති බවත් එම පිංකම් සදහා සහභාගී වන ලෙස සියලු දෙනාට විවෘතව ආරාධනා කර සිටින බවත් අභාවප්‍රාප්ත බර්ටි දිසානායක මහතාගේ ජේෂ්ඨ පුතු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

එළැඹෙන සැප්තැම්බර් 27 වැනි දිනට බර්ටි දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තෙවසරක් ගත වීම නිමිති කර ගනිිමින් බර්ටි දිසානායක මහතාට පිං පෙත් අනුමෝදන් කිරීමේ අරමුණින් 26 වැනි දින රාත්‍රියේ අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි සැනසුම නිවසේදී විචිත්‍ර ධර්ම කථික උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් ධර්ම දේශනයක් පවත්වන බවත්, පසු දින (27) උදෑසන සැනසුම නිවසේදී මහා සංඝරත්නය 300 ක් සදහා සංඝගත දක්ෂිණාවක් හා සපිරිකර පූජා කිරීමට නියමිතය , එදිනම (27) උදෑසන 10.00 ට අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත ගිලන්ර ථයක් පරිත්‍යාග කිරීම, 28 වැනිදා තඹුත්තේගම පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී ලේ දන්දීමේ පිංකමක්ද, එදිනම ‍පෙරවරු 11.00 ට අනුරාධපුර සාලියපුර වැඩිහිටි නිවාසයේ වාර්ෂික දානමය පුණ්‍ය කර්මයද , 29 පෙරවරු 9.00 ට ලබුනෝරුව රජයේ රෝහලේ මාතෘ සායනය සදහා ඉදි කළ විවේකාගාරය විවෘත කිරීම සිදු කිරීමට නියමිත බව අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.එම සියලු පිංකම් සදහා සහභාගී වන ලෙස සියලුම දෙනාට විවෘතව ආරාධනා කරන බවද අමාත්‍යයවරයා පැවසීය.

උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන්ද, කැබිනට් අමාත්‍යවරයකු , නියෝජ්‍යය අමාත්‍යයවරයකු ලෙසින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දිගුකාලයක් සේවය කළ කෘතහස්තදේශපාලඥයකු වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා 2013 වර්ෂයේ සැප්තැම්බර් මස 27 වැනි දින අභාවප්‍රාප්ත විය.

1954 ජූලි මස 15 වැනි දින උපත ලැබූ බර්ටි දිසානායක මහතා අභාවප්‍රාප්ත වන විට 59 වැනි වියෙහි පසු විය.සිරිමාවෝ බංඩාරනායක මැතිනියගේ මග පෙන්වීම යටතේ බර්ටි දිසානායක මහතා 1972 වසරේදී ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූයේ හබරණ නගර සභාවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමිනි.1989 මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ කලාවැව ආසනය නියෝජනය කරමින් ඒ මහතා පාර්ලිමේන්තුවට තේරී පත්විය. සමාජ සේවා අමාත්‍ය ධුරය හා කර්මාන්ත නියෝජ්‍ය ඇමැති ධූරයද දරනු ලැබූ බර්ටි දිසානායක මහතා 1999 වසරේ සිට 2012 වසර දක්වා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යයවරයා ලෙස තෙවරක්ම කටයුතු කළේය. බර්ටි පේ‍්‍රමලාල් මහතා සිව්දරු පියෙකි.බර්ටි දිසානායක මහතා වර්තමාන ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍ය ධූරය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධූරය හොබවනු ලබන දුමින්ද දිසානායක මහතාගේ පියාණන් වන්නේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles