Saturday, September 21, 2024

ජේ ආර් ජන්මදින ජපාන සැමරුම

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මැතිතුමන්ගේ 110වන ජන්මදිනයවෙනුවෙන් වූ විශේෂ සැමරුම් උත්සවයක් පසුගිය 17 වනදා ජපානයේ ටෝකියෝ නුවරදීපැවැත්වුණි. ටෝකියෝ නුවර හචිඕජි නගරයේ සකමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයඅසල පිහිටි එතුමාගේ පිළිරුවකට පුෂ්පෝපහාර දැක්වීම හා එතුමාගේගුණකථනයන්ගෙන් එම උත්සවය අලංකාරවත් වුණි.
1951 වසරේ සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී එතුමා විසින් සිදුකරන ලද විශේෂප්‍රකාශයක් ජපන් ආර්ථිකයේ ඉදිරි ගමන් මග යහපත් අතට හැරවීමට සමත් විය. එමසිදුවීමත් සමග ජපානය හා ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතාවයක් ගොඩනැඟුණි. මෙම ඓතිහාසික සිදුවීම පිළිබඳව ජපානයේ වත්මන් තරුණ පරපුර දැනුවත් කිරීම ද මෙමඋත්සවයේ අරමුණක් විය. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්‍ය ධම්මික ගංගානාත් දිසානායක මැතිතුමන්විසින් ජපන් බසින් විශේෂ දේශනයක් සිදුකිරීම ද කැපී පෙනුණි.
එක්සත්ජාතික පක්ෂයේ ජපන් ප්‍රධාන ශාඛාවේ සම සභාපති වරුන් වන සචිත් ලියනගේ, චන්දනවික්‍රමසිංහ සහ ලේකම් රුවන් වීරසිංහ ප්‍රමුඛ සාමාජිකයන් ඇතුළු ජපානයේශ්‍රී ලාංකික ප්‍රජාව විසින් මෙම උත්සවයේ සංවිධාන කටයුතු සිදු කරන ලදී. lakbimaj-2j-6

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles