බදු ප්‍රතිසංස්කරණ පැකේජය ප්‍රමාද නොකරන්න – IMF

0
480

දුෂ්කර වාතාවරණයක් යටතේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලද ආර්ථික වැඩපිළිවෙළ කියාවට නංවා, ජුනි මාසය අවසන් වනවිට සැපිරිය යුතු සියලු කාර්ය සාධන මට්ටම් සපුරාලීම පිළිබඳව ප්‍රශංසාව හිමිවුවත්, බදු ප්‍රතිසංස්කරණ පැකේජය තවදුරටත් ප්‍රමාද නොකර ක්‍රියාත්මක කළ යුතුව ඇති බව ජා.මූ.අ. දූත පිරිස පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා පැමිණි ජේවූ ලී මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජා.මූ. අරමුදලේ දූත මණ්ඩලයේ ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් ඔවුන්ගේ මූලික නිරීක්ෂණයන් ඇතුළත් කරමින් සිදුකරන නිවේදනයෙන් මෙම කරුණු අනාවරණය කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here