රබර් තාක්ෂණ ශිල්පීන්ට ඉන්දියාවේදී පුහුණුව

0
416

රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුතු තාක්ෂණික ශිල්පීන් සඳහා විදේශිය පුහුණු පාඨමාලා තුළින් නවීන තාක්ෂණික දැනුම ලබාදීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව සැප්තැම්බර් 26 දා සිට ඔක්තෝබර් 02  දක්වා ඉන්දියාවේ කොචින් විද්‍යා හා තාක්ෂණික විශ්වවිද්‍යාලයේදී තෝරාගත් රබර් ආශ්‍රිත නිෂ්පාදන තාක්ෂණික ශිල්පීන් 25 ක් සඳහා මෙම තාක්ෂණීක පුහුණු පාඨමාලාව පැවැත්වේ. දකුණු ආසියාවේ රබර් තාක්ෂණය සඳහා පළමු වැනි ස්ථානය හිමිවන කොචින් විද්‍යා හා තාක්ෂණික විශ්වවිද්‍යාලය විසින් පවත්වන මෙම පාඨමාලාව සඳහා සහභාගි වන තාක්ෂණික ශිල්පීන් හට ගුවන් ටිකට්පත් ප්‍රදානය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් පසුගිය 22දා කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී සිදුකෙරිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here