Saturday, September 21, 2024

පාසල්වලට පැමිණෙන මව්පියන්ගේ ඇඳුමටත් චක‍්‍රලේඛයක්

විධිමත්, විනීත සහ පාසලට උචිත  ඕනෑම ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීම සඳහා මව්පියන්ට අවස්ථාව ලබාදීම සඳහා නව චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අද (23) පෙරවරුවේ මහව විජයබා විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම සහ නව ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඇතැම් පාසල්වල මව්පියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් දැන්වීම් ද පළ කර තිබීම හේතුවෙන් රාජකාරිවල නිරත මව්පියන්ට තම දරුවන් සමඟ උදෑසන පාසල්වලට පැමිණිමේ දී සහ  පැවැත්වෙන රැස්වීම්වලට සහභාගිවීමේ දී  ගැටලූ රැසකට මුහුණදීමට සිදුවන බවට මැසිවිලි පසුගිය කාලයේ ඉදිරිපත් වී තිබුණ බවත් ඇතැමෙකු මෙය තම අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් ලෙස ද සඳහන් කර තිබුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විධිමත්, විනීත සහ පාසලට උචිත  ඕනෑම ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීමට මව්පියන්ට ඉඩ ලබා දෙන ලෙස මේ පිළිබඳ අවධානය යොමු කරමින් තමා නිලධාරීන්ට නියෝග කොළ බවද ප්‍රකාශකළේය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles