ජාත්‍යන්තර සංවිධාන මෙන්ම ලෝක නායකයින් ශ්‍රී ලංකාව පිළිබඳව මේ වන ධනාත්මකව බලන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. එක්සත් ජාතීන්ගේ 71වැනි මහ සමුළුවට එක්විම සඳහා ඇමෙරිකාවට ගොස් සිටින ජනපතිවරයා එහිදී ශ්‍රී ලංකාවේ මාධ්‍ය අමතමින් මේ බව පැවැසීය.
පසුගිය වසරට වඩා මෙවර සමුළුවේදි ශ්‍රී ලංකාව වැඩි විශේෂත්වයක් හිමිවුණ බවද ඔහු පැවැසීය. සමගි සංධානය, පරිසර ආරක්ෂාව, ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම වැනි ක්ෂේත්රව ශ්‍රි ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මෙහිදී ලෝක නායකයින්ගේ ඇගයිමට ලක්වූ බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර නොවැම්බර් මස ඇමෙරිකාවේ පැවැත්වෙන ජනපතිවරණයෙන් කුමන අපේක්ෂකයෙකු ජයගත්තද ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් ඇති නොවන බවද ජනපතිවරයා සඳහන් කළේය.