සුජිත් මංගල ‘සත්හඬ’ට !

0
386
විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’ පුවත්පත සේවය දීර්ඝ නොකළ, මාධ්‍යවේදී සුජිත් මංගල ද සිල්වා මහතා සත්හඬ පුවත්පතේ සේවය සඳහා එක්වී ඇති බව වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂපාතී පුවත්පතක් බව කියැවෙන සත්හඬ පුවත්පතෙහි, එක්සත් ජාතික පක්ෂයට හා අගමැතිවරයා සම්බන්ධ ප්‍රවෘත්ති සමබරතාවයකින් යුතුව පළකිරීම සුජිත් මංගල ද සිල්වාගේ කාර්යය වී තිබේ. එමගින් ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතර ප්‍රවෘත්තිමය සමබරතාවයක් ඇති කළයුතු බව සත්හඬ නව පාලන මණ්ඩලයේ අදහස වී ඇත.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මිය පසුගියදා සත්හඬ පුවත්පතේ නව සභාපතිනිය වශයෙන් පත්වූ අතර කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක රුවන් ප්‍රදීනන්දිස් මහතා එම ධූරයෙන් ඉවත් වී නව තරුණ ජාතික පුවත්පතක් වන ‘ඉරිදා ඇපල්’ පුවත්පත සඳහා එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here