සංඥා භාෂා පරිවර්තකයන් 50 ක් වහාම පුහුණු කෙරේ

0
423

සංඥා භාෂා පරිවර්තකයන් 50 ක් වහාම පුහුණු කිරීමේ අරමුණින් සමාජසේවා දෙපාර්තමේන්තුව විසින් සංඥා භාෂා පරිවර්තන ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භකළ බව සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.

ජාත්‍යන්තර බිහිරි දිනයට සමගාමීව මෙම වැඩ සටහන ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ සිටින ලක්ෂ 05කට අධික ශ්‍රවණාබාධිතයන් සංඛ්‍යාවකගේ භාෂා පරිවර්තන අවශ්‍යතා ඉටුකිරීම සඳහා සිටින පුහුණු සංඥා භාෂා පරිවර්තකයන් ප්‍රමාණය 08 දෙනෙක් බව තමාගේ අවධානයට ලක්වීමෙන් පසු වහාම ඒ සඳහා 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බඳවාගෙන වහාම පුහුණුව ලබා දෙන ලෙස සමාජසේවා බලධාරීන්ට උපදෙස් දූන් බවද හෙතෙම කීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here