ටෙක්සාස් හි වෙඩි ප්‍රහාරයක් පුද්ගලයන් 7ක් තුවාල ලබලා

0
425

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හුස්ටන් හි වෙළෙඳ මධ්‍යස්ථානයක් ආශ්‍රිතව සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

හූස්ටන් පොලිස් දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය තහවුරු කර ඇති අතර, මෙය හූස්ටන් හි වෙස්ලෙයින් පළාතේ සිදුව ඇති බවද තහවුරු කර තිබේ.

ප්‍රහාරයට ගොදුරුවූවන් බිම වැටී සිටි බවත්, සිද්ධිය වූ ස්ථානය ආශ්‍රිතව වෙඩි හඬ රැසක් ඇසුණු බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

එමෙන්ම, මෙම ප්‍රහාරකයා කළු ජාතිකයෙකු බවත්, ඔහු රිවෝල්වරයක් අතින් ගෙන සිට ඇති අතර, පොලිස් වෙඩි පහරින් ඔහු බිම වැටුණු බව පැවසුණත්, නිල නොලත් වාර්තාවන්ට අනුව ඔහු තමාටම වෙඩි තබාගෙන ඇති බවද විදෙස් වාර්තා පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here