විමල්ගේ 4කට ප්‍රභූ ආරක්ෂාව දීලා

0
392

නීත්‍යනුකූලව පොලිස් ආරක්ෂාව ලබාදීමට කිසිසේත්ම හිමිකමක් නොමැති ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් සිව් දෙනෙකුට ආයුධ සන්නද්ධ පොලිස් ආරක්ෂාව ලබාදීම පිළිබඳ ප්‍රකාශ සටහන් කර ගැනීමට හිටපු පොලිස්පතිවරයකු වන මහින්ද බාලසුරිය මහතා මෙම 10දා ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශය වෙත කැඳවා තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් වන උදය පද්මශාන්ත, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, මොහොමඩ් මුසාමිල් මහත්වරුන්ට ආයුධ සන්නද්ධ පොලිස් ආරක්ෂකයින් පහළොස් දෙනෙකුගේ ආරක්ෂාව ලබාදී තිබුණ බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

වසර 2010 සිට වසර 2015 ජනවාරි දක්වා මේ අය වෙනුවෙන් ආයුධ සන්නද්ධ පොලිස් ආරක්ෂකයින් යෙදවීම හේතුවෙන් රජයේ මුදල් රුපියල් කෝටි තුනක් පමණ වැටුප් සහ දීමනා වෙනුවෙන් වැය කර තිබෙන බවත් විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here