Sunday, September 22, 2024

නොබෙල් සාම ත්‍යාගය දන් දෙයි

මෙවර නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ කොලොම්බියානු ජනාධිපති ජුවාන් මැනුවෙල් සන්තෝස්, තමන්ට ලද ත්‍යාග මුදල වසර 52 ක් මුළුල්ලේ පවතින ගැටුම්වලින් විපතට පත් වූවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ඔහු ඉකුත් දා මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ ෆාර්ක් ගරිල්ලන් සමග පවතින ගැටුම් නිම කිරීමට දරණ උත්සහය වෙනුවෙන්.

ඊට අදාළව කොලොම්බියානු ජනාධිපතිවරයාට ඩොලර් නවලක්ෂ විසිපන් දහසක ත්‍යාග මුදලක් ද හිමි විය.

කොලොම්බියාවේ පවතින ගැටුම්වලින් පුද්ගලයින් දෙලක්ෂ හැට දහසකට අධික පිරිසක් දැනටමත් ජීවිතක්ෂයට පත්ව අවසන්.

අවතැන් සංඛ්‍යාව ලක්ෂ 60කට අධිකයි.

ගැටුම් නිම කිරීමේ අරමුණින් ෆාර්ක් ගරිල්ලන් සමග ඉකුත් මාසයේ සාම ගිවිසුමකට ද අත්සන් තැබීමට ජනාධිපතිවරයා පියවර ගත්තා.

එහෙත් ඉකුත් සතියේ පැවති ජනමත විචාරණයේ දී කොලොම්බියාවේ ජනතාව එය ප‍්‍රතික්ෂේප කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles