Saturday, September 21, 2024

මහනුවර මහා නගරයක් කිරීමේ ගිවිසුමට අත්සන්

ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය හා නාගරික සංවර්ධන අධිකාරිය මහනුවරඅන්තර්ජාතික මට්ටමේ මහා නගරයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වන සැලැස්ම පිළිබඳ තාක්ෂණික ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වන ගිවිසුමකට අද (10දා) මහනුවරදී අත්සන් තැබිණි.

මහනුවර නගරය හා හඳුනාගත් සුවිශේෂී ස්ථාන ඓතිහාසික වටිනාකම් සුරැකෙන පරිදි සංවර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම මේ යටතේ සිදුකිරීමට නියමිතය. ලබන වසරේ අවසානයේදී මෙහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

කොළඹින් බැහැරව රට මධ්‍යයේ පිහිටි මහනුවර, වාණිජ නගරයක් ලෙස සංවර්ධනය කිරීම තුළින් නගර ගණනාවක ජනතාවට ප්‍රතිලාභ අත්වන බවමෙම අවස්ථාවට එක්වූ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles