Saturday, September 21, 2024

ඩොනල්ඩ්-හිලරි දෙවැනි විවාදය අතිශය උණුසුම්

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ උණුසුම තීව්‍ර කළ දෙවැනි ජනාධිපතිවරණ විවාදය ට්‍රම්ප් හා හිලරි එකිනෙකාට මඩ ගසාගන්නා මඩ ගොහොරුවක් බවට පත්වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

09 වැනිදා රාත්‍රියේ පැවති මෙම ඓතිහාසික විවාදය එදාමෙදාතුර ඉතිහාසයේ ලොව වැඩිම ජනතාවක් නැරඹූ දේශපාලන විවාදය ලෙසද ඉතිහාසගත විය.

විශේෂයෙන්ම දේශපාලන කාරණා මෙන්ම, ඔවුන්ගේ පෞද්ගලික කාරණාද ඉස්මතු කරමින් අපේක්ෂකයන් දෙදෙනාම මෙහිදී මඩ ප්‍රහාර එල්ල කර ගැනීමක් දැකිය හැකි වූ අතර, එය අතිශය උණුසුම් ස්වරූපයක් ගෙන තිබුණි.

මේ අතර, පසුගිය දින කිහිපය පුරාවට ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ප්‍රධාන දහරාවේ මාධ්‍ය විසින් එල්ල කරනු ලබන මීට වසර එකොළහකට පෙර කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව ගැන එම විවාදය මෙහෙයවූ තැනැත්තා ප්‍රශ්න කරන්නට විය. එහිදී, ට්‍රම්ප් පවසා සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් දැනටමත් සමාව ඉල්ලා සිටින බවය.

එහිදී, ට්‍රම්ප් වඩාත් සූක්ෂම ලෙස පිළිතුරු ලබාදෙමින් තම අවස්ථාව පාලනය කරගත් බවත්, හිලරි බොහෝ අවස්ථා පැහැර හැරගත් බවත් ස්වාධීන මාධ්‍ය විසින් පෙන්වා දී තිබුණි.

මේ අතර, ප්‍රධාන දහරාවේ මාධ්‍ය මෙම විවාදයෙන් පසුව එය අතිශය තියුණු ස්වරූපයක විවාදයක් වුවද, එහි වැඩි වාසිය හිලරි සතු බව පැවසීය.

එළැඹෙන නොවැම්බර් 08 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ සුක්ඛානම සියතට ගැනීම වෙනුවෙන් අරඅඳින ඩොනල්ඩ් ට්‍රම්ප් හා හිලරි ක්ලින්ටන් මුහුණට මුහුණ ගැටෙන විවාද තවම අවසන් නොමැති බවත්, ඉදිරියේදී ලෝක ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරඹූ දේශපාලන වැඩසටහන් පිළිබඳ වාර්තා තවදුරටත් බිඳ හෙලෙනු ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles