මහින්ද බාලසූරිය සහ බැසිල් කොමිසමට

0
344

බලයේ සිටියදී නීතියට අනුකූල නොවන ක්‍රියාදාමයක නිරතවූ බවට චෝදනා ලැබ සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය යන දෙදෙනා ඊයේ (10) බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනපති කොමිසම හමුවට කැඳවනු ලැබීය.

මෙසේ කැදවූ හිටපු ආමාත්‍යවරයා හා හිටපු පොලිස්පතිවරයාගෙන් පැය ගණනාවක් ප්‍රශ්න කර කටඋත්තර සටහන් කරගනු ලැබීය.

පසුගිය රජය සමයේ මහනුවර සංචාරක ප්‍රවර්ධන කටයු‍තු සිදුකිරීම සඳහා උඩරට සංවර්ධන අධිකාරිය ලබාදෙනු ලැබු රුපියල් ලක්ෂ ගණනක මුදල් 2015 ජනාධිපතිවරණයේදී තම සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වැය කළ බවට බැසිල් රාජපක්ෂ මහතාට නගා ඇති චෝදනා සම්බන්ධයෙන් කොමිසම විමර්ශන කළහ.

මේ අතර හිටපු පොලිස්පතිවරයෙකු වු මහින්ද බාලසුරිය මහතා කිසිදු නිල බලයක් නොමැති නිත්‍යානුකුලව පොලිස් ආරක්ෂාවක් ලබා ගැනීමට හිමිකම් නැති ජාතික නිදහස් පෙරමුණේ කිහිපදෙනෙකුට පොලිස් ආරක්ෂාවක් ලබා දෙමින් රුපියල් කෝටි පනහකට ආසන්න රජයේ මුදල් අවභාවිතා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධව කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here