Saturday, September 21, 2024

ආසියානු සැම්සුන් සමාගම බටහිර මාධ්‍යයේ ගින්නක?

සැම්සුන්ග්, ගැලක්සි නෝට් 7 (Galaxy Note7) ජංගම දුරකථනය සම්බන්ධයෙන් මෑත කාලයේ වාර්තා වූ සිදුවීම් සම්බන්ධ විමර්ශණ සඳහා තම සමාගම අදාළ නියාමන ආයතන සමග තවදුරටත් කටයුතු කරමින් සිටින බවත්, එහිදී, තම පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සියල්ලටම වඩා වැදගත් බවත් අද (11දා) දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් සැම්සුන්ග් සමාගම පවසයි.

ඒ අනුව, ගැලක්සි නෝට් 7 ජංගම දුරකථන සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශණයක් සිදුකෙරෙන බැවින් ලොව පුරා සිටින සියලුම සැම්සුන්ග් ජංගම දුරකථන බෙදාහරින්නන්ට සහ සිල්ලර වෙළෙඳුන්ට එම නෝට් 7 ජංගම දුරකථන අලෙවිය හා හුවමාරුව අත්හිටුවන ලෙසද එම නිවේදනයෙන් සමාගම වැඩිදුරටත් ඉල්ලා සිටියි.

එමෙන්ම, මෙම තත්ත්වයට විසඳුමක් ලබාදීම සඳහා වූ සියලු අත්‍යවශ්‍ය පියවර ගැනීමට අදාළ නියාමන ආයතන සමග අනලස්ව හා කැපවීමෙන් තවදුරටත් කටයුතු කරන බවද එම සමාගම පෙන්වා දෙයි. ඒ අනුව, මුල්ම ගැලක්සි නෝට් 7 ජංගම දුකථනයක් හිමි පාරිභෝගිකයෙකු හෝ තම මුල්ම නෝට් 7 දුරකථනය වෙනුවට තවත් නෝට් 7 දුරකථනයක් හුවමාරු කරගත් පාරිභෝගිකයෙකු හෝ වේවා ඔවුන් තම දුරකථනය ක්‍රියාවිරහිත කර දැනට ඇති ප්‍රතිකර්මය ලෙස එය භාවිත කිරීමෙන් වළකින ලෙසද සමාගම එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසා සිටියි.

සැම්සුන්ග් සමාගමේ නවතම ගැලක්සි නෝට් 7 ජංගම දුරකථනයේ බැටරිය ගිනි ගැනීමකට ලක්වීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වීමත් සමග එම සමාගම මුලින් අලෙවි කළ නෝට් 7 ජංගම දුරකථනය යළි කැඳවීමක් සිදුකළ අතර, පසුව ඒ වෙනුවට අලුත් දුරකථනයක් ලබාදීමක් සිදුවිය. කෙසේ වෙතත්, එසේ ලබාදුන් නව දුරකථන කිහිපයකද මෙවැනි ගිනි ගැනීම් වාර්තා වූ බව පැවසීමත් සමග සමාගම විසින් සිය නිෂ්පාදනය අත්හිටවුමින් අදාළ නියාමන ආයතන සමග ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

කෙසේ වෙතත්, ලොව පුරා ජංගම දුරකථන නිෂ්පාදනයේ බලවත්ව සිටි ඇමෙරිකානු ඇපල් සමාගමට මෙන්ම, බටහිර සමස්ත ජංගම දුරකථන නිෂ්පාදනයන්ට අභියෝගයක් වෙමින් වේගවත් වර්ධනයක් ලබා සිටි ආසියාවේ සැම්සුන්ග් සමාගමේ දුරකථනයක් සම්බන්ධයෙන් මෙවැනි ගැටලුවක් මතුවීම ‘අඬන්නට සිටියවුන්නට ඇඟිල්ලෙන් ඇනීමක්’ වැනි විය. මෙම සිදුවීම වාර්තා වූ දින සිටම විශේෂයෙන්ම බටහිර ප්‍රධාන දහරාවේ මධ්‍යවල හැසිරීමත්, ඔවුන් සිය ප්‍රධාන පුවත ලෙස මෙම සිදුවීම් අතිශෝක්තියෙන් කියාපෑමට ගත් උත්සාහයත් එය මැනවින් අධ්‍යයනය කරන්නෙකුට මොනවාට පැහැදිලි වන කරුණකි.

විශේෂයෙන්ම, අද දිනයේදී සැම්සුන්ග් සමාගම විසින් නිකුත්කළ නිවේදනය පවා අතිශෝක්තියෙන් යුතුව දක්වමින්, ‘භයානක නෝට් 7 ක්‍රියා විරහිත කරන්න, සැම්සුන්ග් කියයි’ (Turn off dangerous Note 7, says Samsung), ‘මේ දුරකථනය දැන්ම ක්‍රියාවිරහිත කරන්න’ (Turn this phone off NOW) ආදී වශයෙන් බටහිර ප්‍රධාන දහරාවේ මාධ්‍ය විසින් වාර්තාකර ඇති ආකාරය දැකිය හැකිය. සැම්සුන්ග් සමාගමේ දුරකථනයක් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් එය වහා විසඳීම එම සමාගමේ වගකීම හා කාර්යභාරය බවට තර්කයක් නැත. එමෙන්ම, ඉන් පාරිභෝගිකයා අගතියට පත්වූයේ නම් එහි වගකීමද අදාළ සමාගම විසින්ම ගත යුතු අතර, පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට අදාළ සමාගම බැඳී සිටින බවටද සැකයක් නැත. නමුත්, ඔබ මේ දකින ප්‍රවෘත්තිය බටහිරින් පැමිණෙන යම් නිෂ්පාදනයක සිදුවූයේ නම් එය මෙතරම් උලුප්පා දැක්වීමක් කිසිසේත්ම සිදුනොවන බවද පැහැදිලිය. සෑම දෙයක්ම දේශපාලනීකරණය වූ ලෝකයක ජීවත්වන විට ඔබ කවර පුවතක් දෙස අවාධානය යොමුකළත්, එහි ඇතුලාන්තයෙන් දිවෙන කතා ප්‍රවෘත්තීන් දෙසද වඩාත් අවධානයෙන් යුතුව අධ්‍යයනයක යෙදෙන්නේ නම්, මෙවැනි ‘කලදුටු කළ වල ඉහගැනීමේ’ ප්‍රවෘත්ති ඔබටම හඳුනාගැනීමට හැකිවනු ඇත.

සැම්සුන්ග් සමාගම විසින්ම අද නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

අද ප්‍රධාන දහරාවේ බටහිර මාධ්‍ය විසින් මෙම පුවත වාර්තා කර තිබූ ආකාරය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles