ඊශ්‍රායල හමුදාව පලස්තීනුවන් පනස් දෙදෙනකු අරන් ගිහිල්ලා

0
543

ගත වුණු පැය 24 ක කාලයේ, ඊශ්‍රායල ආරක්ෂක අංශ, බටහිර ඉවුරේ කළ වැටලීම්වලින් පලස්තීනුවන් පනස් දෙදෙනකු අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් ඇතැයි පලස්තීන පාලන අධිකාරිය පවසයි.
මෙම වැටලීමට හේතු වී ඇත්තේ, මෝටර් රථයකින් පැමිණි පලස්තීන ජාතිකයකු ජෙරුසිලමේදී කළ වෙඩි තැබීමකින් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් දෙදෙනකු මිය යෑමේ සිදුවීමකි.
ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ඉකුත් ඉරිදා (9) සවස සිට එම වැටලීම් සිදු කළ බවය. වැටලීම් සිදු කිරීමට ඊශ්‍රායල හමුදාව පැමිණි අවස්ථාවේ පලස්තීන තරුණයන් පිරිසක් ඔවුන්ට ගල්වලින් පහර දී විරෝධය පළ කළ බවත් හමුදාව අහසට වෙඩි තබා ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කළ බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here