‘එයාර් ඇරබියා‘ හොඳම ගුවන් සේවා අතරින් තෙවැනි තැනට

0
389

එක්සත් ජනපදය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ‘එයාර්ෆිනෑන්ස් ජර්නලයේ’ නම් කරන හොඳම ගුවන් සේවා අතරින් තෙවැනි තැන දිනාගැනීමටඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘එයාර් ඇරබියා’ ගුවන් සේවය සමත්ව ඇත.

ගුවන් සේවා 137ක් අතරින් මෙලෙස හොඳම ගුවන් සේවා පනහ තෝරාගනු ලබයි. එමි මෙහෙයුම්, මූල්‍ය, සම්පූර්ණ ආදායම්, ශුද්ධ ආදායම්, පාරිභෝගිකයන්ගේ පැමිණීම් හා අදහස් යන නිර්දේශ මහත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කරනු ලබයි.

එහිදි නිර්දේශ මත වෙනම වෙනම ද ගුවන් සේවා ශ්‍රේණිගත කරන අතර ස්ථීර ගාස්තු අතින් එයාර් ඇරබිය ගුවන් සේවය දෙවැනි තැනට පත්ව ඇති අතර ද්‍රවශීලිතාව අනුව සිව්වැනි තැනට පත්ව ඇත.

එයාර් ඇරබිය ගුවන් සේවය කේන්ද්‍රස්තාන පහක සිට ගුවන් මාර්ග 120 කට ආසන්න සංඛ්‍යාව මෙහෙයුම් කටයුතු සිදු කරන අතර මැද පෙරදිග, අප්‍රිකාව, ආසියාව සහ යුරෝපය යේ රටවල් 33කට ගුවන් ගමන්වල යෙදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here