කොරියානු භාෂා විභාගයෙන් 3,514ක් සමත්

0
776

ඇගයුම් මත ලකුණු දීමේ ක්‍රමවේදය මත පැවති පළමු කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයෙන් අපේක්ෂකයින් 3,514 දෙනෙකු සමත්ව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

නිෂ්පාදන අංශයේ රැකියා සඳහා පැවති විභාගය සඳහා අපේක්ෂකයින් 20,187 දෙනෙකු ද ධීවර අංශයේ රැකියා සඳහා අපේක්ෂකයින් 3118 දෙනෙකු ද පෙනී සිටි බව එම කාර්යාංශය සඳහන් කළේය.

ධීවර අංශයේ රැකියා සඳහා විභාගය පසුගිය අගෝස්තු මස 8 සිට සැප්තැම්බර් මස 19 දක්වා දින 18ක් පැවැත්විණ.

මෙවර විභාගයේ ප්‍රතිඵල www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

මෙවර විභාගය සමත් වූවන්ගේ නාමලේඛණය, ලබාගත් ලකුණු ප‍්‍රමාණය, නිපුණතා පරීක්ෂණ දිනය හා වේලාව www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

නිපුණතා පරීක්ෂණ ඔක්තොම්බර් මස 17 සිට 20 දක්වා අනුරාධපුර, මහනුවර, රත්නපුර, කඩවත, ගාල්ල, අතුරුගිරිය, සීදූව, තංගල්ල, කුරුණෑගල, ති‍්‍රකුණාමලය, වව්නියාව, පොළොන්නරුව, බදුල්ල, මතුගම යන කාර්යාංශයේ ප‍්‍රාදේශීය මධ්‍යස්ථාන 14 කදී පැවැත්වීමට නියමිතයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here