Saturday, September 21, 2024

අ’පුරේ ලොකු විරෝධයක්

වැඩ නිමවෙමින් පවතින හොරොව්පොතාන, පහළ යාන්ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන තමන්ට කඩිනමින් සාධාරණය ඉෂ්ට කරදෙන ලෙස රජයට බලකරමින් අද (12දා) අනුරාධපුර නගරයේදී ප්‍රදේශවාසීහු දැවැන්ත විරෝධතාවක නිරත වූහ.

2012 වසරේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය හේතුවෙන් වාහල්කඩ, පුහුදිවුල, මාවතවැව, මරදන්මඩුව වැනි ගම්මාන රැසක නිවාස 500ක් හා කුඹුරු අක්කර 8000ක් පමණ ජනතාවට අහිමිව විය.

විරෝධතාකරුවන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී එහි ආරක්ෂක අංශ නිලධාරීන් එහි ගේට්ටු ඉබි යතුරු දමා වසා දැමීමට කටයුතු කිරීමත් සමගම කෝපයට පත්වු විරෝධතාකරුවන් පොලීසිය ඩී.එස්. වටරවුමට ගොස් එහි මාර්ග හතරම අවහිර වන ලෙස හිඳගනිමින් විරෝධතාව පැවැත්වූහ.

මේ හේතුවෙන් අනුරාධපුර නගරයේ රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ලවිය. adaapura2 apura3 apura-5 apura-6

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles