Saturday, September 21, 2024

රුසියාව සිරියාවේ ස්ථිර නාවික කදවුරක් පිහිටුවීමට යයි

රුසියාව විසින් සිරියාවේ යුදමය කටයුතු වර්ධනය කිරීම සදහා නාවික කදවුරක් ස්ථාපනය කිරීමට යන බව සිරියානු රාජ්‍ය නිලධාරියෙක්  ප්‍රකාශ කළේය.  රුසියාව ඒ බව කියා ඇත්තේ සෝවියට් සමයේ වියට්නාමයේ හා කියුබාවේ පිහිටවු කදවුරු යළි ආරම්භ කිරීමට සලකා බලමින් සිටින බව ප්‍රකාශ කර සතියකට පසුවය..

රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය නිකොලයි පෙන්නෝව්ගේ පුකාශයෙන් පෙනී යන්නේ  මාර්තු මාසය වනවිට ඊට ඇති විරෝධතා නොතකා රුසියාව සිරියවේ තම යුධමය ශක්තිය වර්ධනය කරගන්නා බවත් ඒ තුලින්  බෂීර් අල් අසාද්ගේ  රජයට සහය දැක්වීමට හැකියාව ලැබෙන බවත්ය.

මෙසේ කිරීමෙන් රුසියාව තම යුධමය ශක්තිය සිරියාවේ වර්ධනය කිරීම පමණක් නොව, මුළු මැදපෙරදිග කලාපයටම ව්‍යාප්ති කරන බව සෙනෙට් සභික මෙන්ම පාර්ලිමේන්තුවේ උත්තරීතර මණ්ඩලයේ අන්තර්ජාතික කටයුතු සභාවේ සාමාජික, ඊගොර් මොරොසෝව් ආර්.අයි.ඒ පුවත් සේවයට කියා සිටියේය.

පසුගිය සැප්තැම්බර් මාසය අවසානයේදි සටන් විරාමය බිඳවැටීමෙන් අනතුරුව මුහුදින් හා ගොඩබිමින් හමුදා ශක්තිය දෙගුණ කරමින් රුසියාව තම බලය ශක්තිමත් ලෙස සිරියාවේ පිහිටවු බව රොයිටර් විශ්ලේෂනයකින් පෙනීයයි.

ටාටුස් වරායේ රුසියාව විසින් ණය පදනම මත ලබාගත් භූමියේ දැනට ඉදිකර ඇති නාවික කදවුරේ ඇති නාවික පහසුකම් වර්ධනය හා උසස් කිරීම මෙන්ම වෙනත් රටවල නව කදවුරු නිර්මාණය කිරීම සදහා මෙම සැලසුම් දිරිගැන්වීමක් වේ.

මොස්කව් පාලනය ඊජිප්තුවේ ගුවන් හමුදා කදවුරක් ඉදිකිරීමට සාකච්ඡා කරන බව ඉස්වෙස්ටියා පුවත්පත සඳහන් කළේය. මේ අතර  රසිස්කයා ගසෙතා දිනපතා පුව්ත්පත සඳහන් කළේ  තම කදවුරු වෙනිසියුලාව, නිකරගුවා, සීසෙල්ස් සහ සිංගප්පූරුවේත් පිහිටුවීමට රුසියාවට අවශ්‍යව ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles