Saturday, September 21, 2024

ඇමති වජිරගෙන් -ගාල්ලට නිලමෙහෙවර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන ගාල්ල දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට නියමිත නිල මෙහෙවර ජනතාසේවයේ 2 වැනි වැඩසටහන පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත් වුණි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ නිල මෙහෙවර ජනතා සේවයේ පළමු වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී  ඉතා සාර්ථකව අවසන් විය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට බලපාන දස දහසක් වූ ගැටලු මසක් තුළ විසඳීමට අවශ්‍ය කටයුතු මෙහිදී සිදුකිරීමට විශේෂයෙන් උපදෙස් ලබාදීම අමාත්‍යවරයා විසින් සිදු කළ අතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 19 ම ආවරණය වන පරිදි එම කටයුතු සිදු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළේය. ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර, උප්පැන්න සහතික සඳහා වැයවන රජයේ ගාස්තු නොමැතිව සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කර ගැනීම මෙම ජංගම සේවයෙහි විශේෂත්වයකි.ඒ සඳහා පෞද්ගලික අංශයෙන් අනුග්‍රහය ලබාදීම සිදු වෙයි.

මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් එක්ව සිටි අතර එම රාජ්‍ය හා පෞද්ගලික අංශ මෙම ජංගම සේවයේදී ඔවුන්ට හැකි උපරිම අයුරින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය අනුග්‍රහය දැක්වීමටද මෙහිදී එකඟ විය.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය  ශාන් විජේලාල් ද සිල්වා, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සංජීව් කරුණාතිලක,  සුනිල් සේනානායක, ජයන්ත ජයවිර, ජනාධිපති ලේකම් පී. බී අබේකෝන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස්මහත්වරු ඇතුළු සියලු අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles