Saturday, September 21, 2024

සිවිල් ආරක්ෂක 5000ක් පොලිස් සේවයට

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ගෙන් පන්දහසක පමණ පිරිසක් පොලිස් දෙපාර්තමේන්තුව යටතේ පොලිස් සේවයට එකතු කිරීමට යයි. ආරක්ෂක මණ්ඩලය හමුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

දැනට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හතළිස් දහසක පමණ පිරිසක් සිටිති. ඔවුන් පසුගිය යුද්ධ සමයේ නිලධාරීන් වශයෙන් ගම්වල ආරක්ෂාවට යොදවා ගැනිණි. පසුව මෙම රජය යටතේ ඔවුන්ගේ සේවය ස්ථීර කර එම බළකාය දෙපාර්තමේන්තුවක් බවට පත්කර විශ්‍රාම වැටුප් හිමි රජයේ සේවකයන්ට හිමි වරප්‍රසාදවලින් හිමිවිය. දැනට සිවිල් ආරක්ෂක බළකාය රටේ සංවර්ධන කටයුතු සඳහා දැවැන්ත කර්තව්‍යයක යෙදී සිටිති.

මේ පිරිස අතරින් කොටසක් පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ කිරීමට මෙසේ තීරණය කර තිබේ.රටේ දැනට ඇති පොලිසි ප්‍රමාණය 460ක් වෙයි. එම ප්‍රමාණය ඉදිරියේදී හයසියය දක්වා වැඬි වෙයි. ඒ සඳහා මෙසේ සම්බන්ධකර ගන්නා පොලිස් නිලධාරින්ද යොදවාගත හැකි වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles