හබයාස්කෝපස් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඉදිරියේ කැඳවීමට තීරණයක්

0
333

අතුරුදන් වී ඇති බව කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ආරක්ෂක අංශ භාරයෙහි සිටී නම් වහාම අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති හබයාස්කෝපස් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ඉදිරියෙහි කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (12) තීරණය කළේය.

මෙම පෙත්සම මීට පෙර කැඳවා ඇත්තේ ද ඒ සම්බන්ධ යම් යම් නියෝග ලබා දී ඇත්තේ ද අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඉදිරියෙහි බැවින් එම පෙත්සම ඒ මහතා ඉදිරියෙහි කැඳවීමට නියම කෙරිණි. දීපාලි විජේසුන්දර සහ ලලිත් ජයසූරිය යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම ‍ඊයේ (12) කැඳවන ලදී.සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here