ඇවන්ගාඩ් පිළිබද සිදුකළ විමර්ශනය අවසන් – වාර්තාව ජනාධිපති අතට

0
329

බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් විමර්ශන අවසන් කළ තවත් වාර්තා තුනක් ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත බාරදෙන බව එම කොමිසම පවසයි.

කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා සඳහන් මාධ්‍ය වෙත අනාවරණය කර ඇත්තේ අදාළ වාර්තා බාරදීම සඳහා ජනාධිපතිවරයාගෙන් දිනයක් ඉල්ලා ඇති බවයි.

එම දිනය ජනාධිපති කාර්යාලය මගින් දැනුම් දුන් වහාම විමර්ශන අවසන් කළ වාර්තා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදෙන බව ඔහු කියා සිටියි.

රක්නා ලංකා සහ ඇවන්ගාඩ් සමාගම් පිළිබද සිදුකළ විමර්ශනය, හලාවත හා කුරුණෑගල වැවිළි සමාගමක සිදුව ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනය සහ ඩයිනමයිට් තොගයක් කල් ඉකුත් වන තෙක් අලෙවි නොකිරීම නිසා රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ වාර්තා මෙලෙස ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here