ජනපතිට කේන්තියාම ගැන පුදුම වියයුතු නැ – ජාතික හෙළ උරුමය

0
370

ෂණ වංචා සිදුකළ අය සොයා දඬුවම් ලබාදීමට පත් කර ඇති ආයතන සිය වගකීම් ඉටුකිරීම දිනෙන් දින ප‍්‍රමාද කිරීම හා ඒවායේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කේන්තියක් ඇතිවීම ගැන පුදුම විය යුතු නැතැයි ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඊයේ (13) පැවසීය.
එම ආයතනයන් ආරක්‍ෂක අංශ සාමාජිකයින් උසාවියට ගෙනයාමට දක්වන උනන්දුව මහා පරිමාණ හොරුන් ඇල්ලීම සම්බන්ධයෙන් දක්නට නොලැබෙන බව කී මන්ත‍්‍රීවරයා ඒ සම්බන්ධයෙන් රටේ ජනතාවද කලකිරී සිටින බව සඳහන් කළේය.
බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුම මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු එසේ කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here