දේශපාලනඥයන් රටවල් අවුල් කරනවා-

0
612

බලයේ රැදි සිටීමේ අවශ්‍යතාවය නිසා දේශපාලකයන් යම් යම් කෝණයන්ගෙන් බලා ජනතාව අතරට අවුල් වියවුල් ඇතුළු කිරිම නිසා මේ රටේ පමණක් නොව වෙනත් රටවල් වල ද අවුල් වියවුල් ඇතිවූ බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා ඊයේ (13)කිරිබත්කුඹුර ස්වර්ණජෝති ජාතික පාසලට වසර 111 පිරිම හා එහි අභිනවයෙන් ඉදිකරන ලද “ තාක්ෂණික පීඨය “ විවෘත කිරිම සදහා පැවැති උත්සවයේදී පැවසීය.
‘එවන් ව්‍යාකුල තත්වයන් තම අභිමථාර්ථයන් ඉටු කර ගැනිමට දේශපාලනයට පැමිණෙන පුද්ගලයන් විසින් ගොඩ නැගීමෙන් ජාති, පක්ෂ පාට, ආගම් වෙනසකින් තොරව රටට අවශ්‍ය පුද්ගලයන් ඝාතය විමක් ද සිදු වුණා. 2009 න් පස්සෙ ඒ ත්‍රස්තවාදී යුගය මේ රටේ නැති වුණත් දේශපාලකයන්ගේ කුහකකම දේශපාලන කෝණ වලින් බැලීම නතර වුණේ නෑ‘ යැයි ද ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here