සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට යළි නොතීසි

0
698

නොතිසි නිකුත් කර තිබියදී අධිකරණය හමුවේ පෙනී නොසිටි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය පාලිත මහීපාල මහතා ලබන ජනවාරි මස 10 වැනිදා කොළඔ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හරහා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් මල්ලාකම් මහේස්ත‍්‍රාත් ඒ ජූඩ්සන් මහතා දෙවැනි වරටත් නොතිසි නිකුත් කළේය.

යාපනය චුන්නාකම් කර්මාන්තශාලාවකින් විස රසායනික ද්‍රව්‍ය පිටවීම හා ඒවා ජලයට මුසුවීම සම්බන්ධයෙන් විභාග වූ නඩුව සදහා ඉදිරිපත් වන්නැයි පාලිත මහීපාල මහතාට නොතිසි නිකුත් කැර තිබිණි.

මෙම ප‍්‍රදේශයේ පිරිසිදු ජලයට මෙතුළින් හානි සිදුව ඇතිදැයි හා පානයට හා අවශ්‍යතාවන්ට සුදුසුද යන්න තහවුරු කර ගැනීම සදහා පරීක්‍ෂණයක් සිදුකර තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරයාට නියෝග කර තිබුණු අතර මෙම වාර්තාව මෙතෙක් ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට 12 වනදා අධිකරණයේ පෙනී සිටින්නැයි නොතිසි නිකුත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here