Saturday, September 21, 2024

රේගු බද්දට කොකා පෙන්වූ වාහන ගණන 1600 ක්‌

බදු අය නොකර නිදහස්‌ කළ, තක්‌සේරු වටිනාකම අඩුවෙන් පෙන්වමින් ගෙන්වූ වාහන සංඛ්‍යාව අටසියයක්‌ නොව එක්‌දහස්‌ හයසියයක්‌ පමණ වන බව රේගු නිලධාරීන් දැනට සිදුකරන පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

තක්‌සේරු වටිනාකම අඩුවෙන් දක්‌වමින් මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී වාහන අටසියයක්‌ සම්බන්ධයෙන් රේගු නිලධාරීන් විසින් සිදුකළ පරීක්‍ෂණ කටයුතු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලිතව කළ නියෝගයකට අනුව නතර කළ බව පසුගියදා zදිවයිනZ පුවත්පතින් හෙළි කරන ලදී.

මේ නිසා රජයට අහිමිවූ බදු ආදායම රුපියල් කෝටි හාරසියයක්‌ බව ද ශ්‍රී ලංකා නිදහස්‌ වෘත්තීය සමිතිය අනාවරණය කළේය.

එම පුවතින් පසුව ඒ සම්බන්ධව රේගු නිලධාරීන්ට ලැබුණු උපදෙස්‌ මත එම වාහනවලට අදාළ ලිපි ගොනු පරීක්‍ෂා කර ඇත. එම පරීක්‍ෂණවලදී වාහන අටසියයක්‌ නොව එක්‌දහස්‌ හයසියයක්‌ පමණ පරීක්‍ෂණ නතර කර එම වාහන අදාළ ආනයනකරුවන්ට නිදහස්‌ කර ඇති බව අනාවරණය වෙමින් පවතින බව රේගු වෘත්තීය සමිතිය ප්‍රකාශ කර සිටී.

මේ නිසා රජයට අහිමිවන ආදායම රුපියල් කෝටි හාරසියයක්‌ නොව ඊට වඩා ඉහළ අගයක්‌ ගනු ඇතැයිද වෘත්තීය සමිතිය සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles